පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට.

බණ්ඩාරගම ගුංගමුව ප්‍රදේශයේ පාළුවට ගිය කාමරයක සඟවා තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය සඳහා බලපත්‍ර නොමැති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සොයා ගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය අතරේ ඩෙටනේටර් 50ක් , වෝටර් ජෙල් 6ක් , ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 800ක් , සේවා නූල් මීටර් 3ක් තිබූ බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැලනිගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරුවෙක් වන අතර ඔහුව පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරාම පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version