කොකේන් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට .

රද්දොළුව නිවාස සංකීර්ණයේදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් වෙළෙදසැලක පිටුපස සගවා තිබියදී මත්පෙති 2250ක් පොලිසිය විසින් සොයාගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැව්රිදි රද්දොළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඊයේ (11)මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දින දක්වා රැදවුම් නියෝග ලබා ගෙන තිබේ.

මේ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version