මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට.

STF නිලධාරීන් විසින් වත්තල ප්‍රදේශයේ කල වැටලීමකදී මත්ද්‍රවය තොගයක් සමග ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ ගෝලයකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාද කල්ලි  නායකයකු යැයි සැලකෙන කුඩු සෙල්වම්ගේ පුත්‍රයා වන පලනිගේ ප්‍රධානතම ගෝලයකු බව සදහන්වේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම්6 ක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව වාර්තාවේ.

මොහු වයස අවුරුදු 24 ක් පමණ වන ජම්පට්ටා ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර සැකකරුට විරුද්ධව ඝාතන අනුබල දීම් හා මින්ස් ඝාතන සම්බන්දයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවද පැවසේ.

Exit mobile version