ගල්කිස්ස , රෂ්ටම්වත්ත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් වන අතර ඔහු අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කර තිබේ.
