විදෙස් රටවල නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු වැල්ලවායේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි ගිනිඅවි දෙකක්, පතරොම් 22ක් සහ ජීව අත්බෝම්බ 02ක් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබී වෙඩි නොවදින ඇඳුමක් ද සොයාගෙන ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
