හෙරෝයින් ග්‍රෑම් දෙසිය තිස් පහයි මිලිග්‍රෑම් හාරසීයක් සමග පුද්ගලයෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසියට ලද තොරතුරක් මත දෙහිවල සිට කිරුළපන දක්වා යතුරුපැදියකින් එමින් සිටියදී කිරුළපන ස්‍ටැෆර්ඩ් මාවත හන්දියේදී අත්අඩංගුවට ගත් අතර සැකකරු සන්තකයේ තිබී හෙරෝයින්, ඉලෙක්ට්‍රොනික තරාදියක්,ජංගම දුරකථන දෙකක් හා යතුරුපැදිය පොලිස් භාරයට ගනු ලැබූ බව සදහන්.
සැකකරු දෙහිවල සරණංකර පාරේ පදිංචි බඩෝවිට සුරේෂ් නැමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.
