හෙරෝයින් සමඟ අයෙක් අත්අඩංගුවට .

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (06) සවස ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රියපොළ අසළ දී හෙරෝයින් ග්‍රෑම් 6 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර මොහුව අද (07) ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරනු ලබයි

Exit mobile version