ගොඩකවෙලදී හෙරෝයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට .

ගොඩකවෙල නගරයේදී හෙරෝයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බළංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඩිලාන් ප්‍රසන්න රුද්‍රිගෝ නැමැති අවුරුදු 28 ක පුද්ගලයෙකි.

ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 300ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ .එන් .ආර් විජේසිරි මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version