රාගම පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් රාගම , සමගි මාවතේ නීතිවිරෝධී මත්පැන් ලීටර් තොගයක් සහ උපකරණ කට්ටලයක් සමග පුද්ගලයෙකු ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67 මිලි ලීටර් 500 ක් සහ පෙරීමට උපයෝගී කරගන්නා උපකරණ සොයා ගත් බව සදහන් වේ.
සැකකරු කුඹුලා ඇළ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් වන අතර ඔහු අද (19) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .
