ඇත්දළ කැබලි සමග පුද්ගලයකු අත්අඩංගුවට .

ඇතිමලේ,කම්මල්යාය ප්‍රදේශයේ දී ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (03) උදෑසන කළ වැටලීමකදී විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ඇත්දළ කොටස් 04ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් වූ කම්මල් යාය,කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද දින සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version