පුද්ගලයකු හට තියුණු ආයුධ ප්‍රහාරයක්.

කෝපායි ඉරුපාලේ ප්‍රදේශයේ දී අවුරුදු 34 හැවිරිදි  පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වේ.මොහු මඩතඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇත්තේ අධිකරණයේ විභාග වීමට නියමිතව තිබූ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බව සඳහන් . මෙම පහර දීමේ සිද්ධියට අදාළ පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version