පොල්ලකින් පහරදී අයෙක් මරුට.

ලිදුල ,වලහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් ලිදුල රෝහලට ඇතුළු කර සිටි පුද්ගලයකු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ඊයේ (30) ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මිය ගිය පුද්ගලයා 41 හැවිරිදි ලිදුල ,වලහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය අය සහ අසල්වැසි නිවෙසක පුද්ගලයකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ ලිදුල පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version