මත්කරල් තොගයක් සමග පුද්ගලයකු මාට්ටු .

බලපත්‍රයක් නොමැතිව PREGABALIN මත් කරල් 500 ක් සන්තකයේ තබාගෙන සිටි තිස්සපුර, අම්පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වන පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (25) දින කාර්තිව් පොලිස් වසමේ කාර්තිව් – සමන්තුර ප්‍රධාන මාර්ගයේ, කාර්තිව් නාම පුවරුව අසල දී සිදු කළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Exit mobile version