එකම අංකය දැක්වෙන ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 05 ක් සමඟ සැකකරුවකු කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම පොලීසිය වෙත භාර දී තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව , ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු පසුගිය වසරේදී ද ව්‍යාජ 5000 නෝට්ටු දෙකක් හා ප්‍රින්ටරයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු බෙරලිහෙල කුඩාගම්මාන 3 විදුහලේ රසායනාගාර නිළධාරියෙකු ලෙස සේවයකොට ඇති අයෙක් බව සඳහන් .
පසුව මෙම සිද්ධිය හේතුවෙන් වැඩ තහනමට ලක්ව ඇති බවද වාර්තා වේ .
