උදලු පහරින් අයෙක් මරුට.

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ගලවැව ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දීමෙන් බරපතළ තුවාල ලබා පුද්ගල යෙක් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මරණකරු සිය නිවස ආසන්නයේ වී මෝලක රැඳී සිට ඇති අතර, එම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකු පෞද්ගලික ආරවුලක් මත මරණකරුගේ හිසට මෙලෙස උදැල්ලකින් පහර දී ඇති බව සඳහන් .

අනතුරුව ප්‍රදේශවාසින් විසින් ඔහුව රෝහල්ගත කර තිබේ .

මරණකරු වයස අවුරුදු 64ක කටුවලගාලේවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර
පහරදීමට සම්බන්ධ සැකකරුවන්ගේ බවට අනාවරණය වූ ජංගම දුරකථන 02ක් අදාළ ස්ථානයේ තිබී පොලීසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ .

එමෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැබිතොගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version