වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට.

ඊයේ (07) දින කටුකැලියාව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පොලීසිය පවසුවේ මෙම පුද්ගලයා බරපතළ තුවාල ලබා දියබෙදුම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 47ක දියබෙදුම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ දියබෙදුම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version