ඊයේ (26) දින රාත්‍රී කාලයේ දී තියුණු ආයුධයකින් පහරදී අම්බලන්ගොඩ පොලිස් වසමේ හිරේවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තාවේ.
පහර කෑම හේතුවෙන් මිය ගිය පුද්ගලයා තවත් මිතුර දෙදෙනකු සමග හිරේවත්ත වෙරළේ මත්පැන් පානය කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයකු විසින් ඔහුන් තිදෙනා සමග ඇතිවූ බහින් බස්වීමකදී මෙම ඝාතනය වී ඇති බව හෙළිව තිබේ.
තියුණු පිහියකින් පහර කෑමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කොට සිටියදී මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු වන අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
