ඊයේ (25) රාත්‍රියේ රාමනාදපුරම් , මායාවනූර් ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිටදී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
මරණකරු කල්මඩු ප්‍රදේශයේ තාවකාලිකව බිරිඳ සහ දරුවා සමඟ පදිංචිව සිට ඇති අතර පසුව දින කිහිපයකට පෙර බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් මත ඔහු තම පියා පදිංචිව සිටින මායාවනූර් ප්‍රදේශයේ නිවසට පැමිණ තිබේ.
මියගිය පුද්ගලයා වෙළෙඳසැල වෙත ගොස් භාණ්ඩ ලබාගනිමින් සිටිය දී ඔහුට ලැබුණු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳසැලෙන් පිටතට පැමිණ සිටිය දී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබේ.
ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රාමනාදපුරම් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .
