පහර දීමකින් අයෙක් මරුට.

හුංගම , ගොඩකදුරුයාය වැව අසල වීල්ගමුව ප්‍රදේශයේ ඊයේ (25) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පහර කෑමට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පට්ටියපොළ , නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු හුංගම පොලිසිය විසින් සිදු කරන බව සඳහන් වේ.

Exit mobile version