අද (16) උදෑසන කටුගස්තොට පොලිස් වසමේ මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ, වයස අවුරුදු 56ක මැණික්කුඹුර, අඩිපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තම බිරිඳ විදේශගත ව සිටින බැවින් නිවසේ තනිවම ජීවත් වී තිබේ.
නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පෞද්ගලික ආරක්ෂක සේවයක ආරක්ෂක නිලධාරියකු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.
මරණකරු සිද්ධිය වූ ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවට පොලීසිය පවසයි.
සැකකරු වයස අවුරුදු 33ක පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, පහර දීමට භාවිත කළ ආයුධය සමඟ ඔහු පොලිස් භාරයට ගෙන තිබේ.
මෘත දේහය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති අතර, කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














































