ඊයේ (30)දින මාවනැල්ල පොලිස් වසමේ කෝන්දෙනිය ප්‍රදේශයේ පිහිටි බෝඇල්ලේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් පසු වූ මෙම පුද්ගලයා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සදහන්.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු මිතුරන් කිහිපදෙනෙකු සමග දිය ඇල්ලේ දිය නාමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
මෘතශරීරය මාවනැල්ල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
