වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කරලා.

මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයා ඇහැටුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

අඹන්පොළ පොලිස් වසමේ තිඹිරියාව ඇඹෝගම ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි.

මත්පැන් සාදය පැවැත්වූ නිවසේ හිමිකරු විසින් සාදයේ සිටි අයෙකුට නිවස ඉදිරිපිට ඉඩමේදී පතොරම් තුවක්කුවකින් වෙඩිතැබීම සිදුකර ඇති බව සදහන්.

Exit mobile version