ලුණුගම්වෙහෙර ස්පීල් යාය ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මරණකරු එම නිවස තුළ ආලෝකය නොමැති වීම හේතුවෙන් ඉටිපන්දමක් දක්වා එහි ආලෝකයෙන් සිටියදී මෙසේ වෙඩි තබා ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි අයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෘත දේහය ලුණුගම්වෙහෙර රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන් .
