පිරිමි දරුවෙකු අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට .

වවුනියාව පොලිස් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකු විසින් පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වවුනියාව,කුරුමන්කාඩු ප්‍රදේශයේ ජීවත්වන මෙම දරුවා සැකකරු විසින් ලිංගික අපයෝජනයට ලක් කිරීමෙන් පසු ප්‍රදේශවාසීන් පිරිසක් ඔහුට පහරදී ඇති බව සදහන්.

සැකකරු වවුනියාව ඊච්චකුලම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සංවර්ධන නිලධාරියෙකි.

පසුව පොලිසියට කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලිසිය පියවර ගෙන තිබේ.

Exit mobile version