අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ දැරියන් 9 දෙනෙක් අපයෝජනය කළ පුද්ගලයෙකු වස පානය කර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙම සැකකරු යෝග ව්‍යායාම පුහුණු කරන මුවාවෙන් මෙලෙස දැරියන්ව අපයෝජනයට පත් කර ඇති බව සඳහන්.
එමෙන්ම අපයෝජනයට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙන් වෙන් වශයෙන් විභාග කෙරෙන නඩු 9 ක ප්‍රධාන විත්තිකරුවෙකු බවත් , උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ කළමණාකාරවරයා වශයෙන් මොහු සේවය කර ඇති බවත් , විවිධ අපරාධ හා චෝදනා එල්ල වීම හේතුවෙන් තනතුරෙන් නෙරපා ඇති බවත් , මෙම අපයෝජන නඩු 9 ට අමතරව අපරාධ චෝදනාවලට සම්බන්ධ නඩු 5 ක් පවතින බවත් වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
