පොලිස් කොස්තාපල්වරුන්ට පහර දුන් අයෙක් අත්අඩංගුවට.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහර දුන් පුද්ගලයෙකු කාතන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙලෙස පොලිස් කොස්තාපල්වරුන්‍ට පහර දුන් පුද්ගලයාට එරෙහිව පොලිසියේ තිබූ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස දැන්වීමට ගිය අවස්ථාවේ දී මෙලෙස නිලධාරීන් දෙදෙනාට පහර දී ඇති බව සඳහන් වේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version