හොර නෝට්ටුවක් දී බඩු ගත් අයෙක් ගුටි කා රෝහලේ.

ව්‍යාජ මුදල් නෝට්ටුවල් ලබා දී පෙරාදෙණිය ප්‍රදේශයේ වෙළදසැලකින් භාණ්ඩ මිල දී ගත් පුද්ගලයෙකු පලා යමින් සිටිය දී ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක්ව ඔහු රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.

පහර කෑමට ලක් වූ සැකකරු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු සන්තකයේ තිබී තවත් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 4 ක් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් වේ.

Exit mobile version