වෙළෙදසැලක් බිඳ දේපළ සොරකම් කළ අයෙක් අත්අඩංගුවට .

ඊයේ (10) රාත්‍රියේ වෙළෙදසැලක් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙකු ඊයේ අස්ගිරි උද්භිද උද්‍යානය අසලදී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු විසින් සොරකම් කරන ලද පාපැදියක් ,මල් කපන කතුරු 20ක්,ප්‍රෙෂර්ගන් එකක් ,මැෂින් කියතක්, ග්‍රීල් මැෂින් එකක් ,ග්‍රයින්ඩර් එකක්,පරිඝනක යන්ත්‍රයක් අත්අඩංගුවට ගනු ලැබූ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 31ක් වන විල උඩ හන්දිය ,හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද (11) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version