ඔන්ලයින් ක්‍රමයට ගෘහ විදුලි උපකරණ ගෙන්වා දොඩන්ගොඩ හුවමාරු මධ්‍යස්ථානයක් උපයෝගී කර ගනිමින් මහා පරිමාණයෙන් ගෑස් උදුන් සහ රයිස් කුකර් වංචා කළ පුද්ගලයෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම සැකකරු රුපියල් ලක්ෂ 12 කට අධික වටිනාකම්කින් යුත් ගෘහ විදුලි උපකරණ වංචනික ලෙස ලබා ගැනීම සහ රුපියල් ලක්ෂ 6 කට අධික වටිනාකමකින් යුත් ගෑස් ලිප් තොගයක් වංචනික ලෙස රැගෙන යාමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබේ.
වාර්තා වන ආකාරයට විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මොහු මාතර සහ ගාල්ල ඇතුලු ප්‍රදේශවල විදුලි උපකරණ වෙළඳසැල් පවත්වාගෙන යන මුවාවෙන් ඇණවුම්පත් සකස් කර කොළඹ ප්‍රදේශයේ තොග ව්‍යාපාරිකයින් වෙතින් විදුලි උපකරණ ලබා ගෙන ඇති බවත් , අදාළ සැකකරු එම උපකරණ තොගය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන විත් දොඩන්ගොඩ හුවමාරුවේදී ඉන් කොටසක් ලබාගෙන ඉතිරිය ඇණවුම් කළ වෙළඳසැල් වෙත යොමු කරන ලෙස දන්වා ජංගම දුරකථනය ද විසන්ධි කර සැගව සිට ඇති බවත් ය.
මෙම සැකකරු වංචනික ලෙස ලබාගත් ගෑස් උදුන් 143 ක් සහ රයිස් කුකර් 48 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
