උසාවියේ වහලට නැගි පුද්ගලයෙකු පොලිසියට විරුද්ධව විරෝධතාවයක .

මැල්සිරිපුර දියතුරේ පොලීසියෙන් බොරුවට දඩයක් නිකුත් කළ බව කියමින් තමාට අසාධාරණයක් වූ බව පවසමින් කුරුණෑගල උසාවි සංකීර්ණයේ වහලය මතට නැග පුද්ගලයෙකු විරෝධතාවයක නිරතව සිටින බව වාර්තා වේ.

මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස වහලය මතට නැග සිටින බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් මේ පිළිබඳ ජායාරූප හෝ වීඩියෝ තවමත් අප වෙත ලැබී නොමැත.

Exit mobile version