මුලතිව් , කෝකිලායි ප්‍රදේශයේ බුදු මැදුරක තිබූ බුද්ධ ප්‍රතිමාවකට හානි කර ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණයකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ සිට කෝකිලායි ප්‍රදේශයට මසුන් ඇල්ලීම සඳහා පැමිණ සිටි 33 හැවිරිදි අයෙක් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කොකිලායි පොලිසිය විසින් සිදු කරයි.
