අන්තර්ජාලය ඔස්සේ රැකියා අවස්ථාවන් ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ, කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු විසින් රුපියල් අනූ හතර ලක්ෂ නව දහසක මුදලක් වංචා කර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරු ගේ බැංකු ගිණුම් 03ක තිබී රුපියල් ලක්ෂ 72ක මුදලක් සොයාගත් බවයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි කරන්දෙණිය දෙනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
