ප්‍රීතිපුර මුහුදේ ගිලුණු අයෙක් බේරා ගෙන.

ඊයේ (30) දහවල් වත්තල , ප්‍රීතිපුර මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දිය රළකට හසු වී ගිලෙමින් සිටියදී වත්තල පොලිසියට අනුයුක්ත ප්‍රීතිපුර පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බේරාගෙන තිබෙන බව වාර්තා වේ .

මෙම පුද්ගලයා තවත් මිතුරන් තිදෙනෙක් සමඟින් බීමත්ව දිය නෑමට ප්‍රීතිපුර මුහුදු තීරයට ගොස් ඇති අතර අනෙක් පුද්ගලයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බවත් , මොවුන් සියලු දෙනාම එම ප්‍රදේශයේම කර්මාන්තශාලාවක සේවය කරන පිරිසක් බවත් සඳහන් වේ.

අනතුරට ලක් වූ පුද්ගලයා දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි.

වත්තල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් 60572 ගයාන් , පොලිස් සැරයන් 43536 සුදත් , 90297 ජානක , 92776 ලියන ආරච්චි , 92792 වර්ණසූරිය යන පොලිස් කොස්තාපල්වරුන් විසින් මෙම තරුණයාව බේරාගෙන තිබෙන බව වාර්තා වේ .

Exit mobile version