පොලිස් නිලධාරියකු අනතුරට ලක් කර බරපතළ තුවාල සිදු කළ ත්‍රීරෝද රියදුරෙකු බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ බිඳුණුවැව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී පොලිස් සැරයන්වරයා සැකකටයුතු ලෙස ධාවනය වෙමින් තිබූ මෙම ත්‍රිරෝද රථය නවත්වන ලෙසට සංඥා කර තිබෙන නමුත් පොලිස් අණ නොතකා මෙම ත්‍රිරෝද රථය පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පලා ගොස් තිබේ .
අනතුරින් තුවාල ලැබූ පොලිස් නිලධාරියා බණ්ඩාරවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ.
