විදෙස් සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට.

ජනාධිපති කාර්යය සාධන බලකායේ සේවය කරන බව අඟවමින් විදේශ රැකියා ලබාදීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම පුද්ගලයා නවසීලන්තය , එංගලන්තය , දකුණු කොරියාව හා ජපානය වැනි රටවල රැකියා ලබාදීමේ වැඩසටහනක් පවතින බවත් , ඒ සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක් වැය වන බවත් , ඒ සඳහා මුලින් රුපියල් 750 ,000 අවශ්‍ය බවත් පවසමින් අදාළ වංචාව සිදු කර තිබෙන බව සඳහන් .

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය , උපාය දුතයෙකු යොදවා අදාළ පුද්ගලයා බත්තරමුල්ල නගරය වෙත කැඳවා තිබේ. එහිදී ඔහු පැමිණ ඇත්තේ ජනාධිපති කාර්‍යාලය ලෙස සඳහන් නාම පුවරුවක් සහිත මෝටර් රථයකිනි. එම අවස්ථාවේ ඔහු තමන් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන බව පවසමින් රාජ්‍ය නිලධාරියකු ලෙස හැඟවෙන පරිදි කටයුතු කර තිබේ. රැකියා ලබාදීම සඳහා සකස් කළ ගිවිසුමක් ඔහු විසින් පෙන්වා ඇති අතර එම අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .

Exit mobile version