පාස්පෝර්ට් 6ක් ලඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට.

විදේශ ගමන් බලපත්‍ර හයක් සන්තකයේ තබාගත් අයෙක් කොළඹ කොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version