රිට්ගල, ප්‍රදේශයේදී දැඩි ආරක්‍ෂිත සත්වයින්ගේ ගණයට අයත් ‘ඕලු මුවකුගේ මස්’ සමග පුද්ගලයකු වනජීවී භාරයට ගෙන් ඇති බව වාර්තා වේ.
රිටිගල හා මොරගොඩ වනජීවී නිලධාරීන් එක්ව ලද තොරතුරක් අනුව කල මෙහෙයුමකදී මෙම මස් සැකකරුගේ නිවසේ තිබී සොයා ගෙන් ඇති අතර එහිදී මස් කිලෝ 3ක් හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඕලු මුවා යනු වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ දැඩි ආරක්‍ෂිත සත්වයකු ලෙස නම් කර ඇති සත්වයෙක් බව සදහන් වේ.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් මෙම වැලිමුවා මරා ඇති බවත් ය. සැකකරු කැකිරාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කොට ඇති බවයි සදහන් වන්නේ.
