මස්කෙළිය , බ්‍රවුන්ස්වික් වත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (03) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරුවා අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔහු සතුව තිබී මැණික් ගැරීම සඳහා යොදා ගත් උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මොහු මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් වන අතර මෙම මස 19 වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට නියමිතව තිබේ.