විදේශ සේවා කාර්‍යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියා ආයතනයක් බදුල්ල නගරයේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
විදෙස් ගතවූ අයෙකුගෙන් හාලි ඇල විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය වෙත ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකළ බව සදහන්.
‘Globle Edu Kre Senter’ නමින් අංක 07/A ,පළමු පටුමග ,ධර්මදූත පාර ,බදුල්ල ලිපිනයේ මෙම පුද්ගලයා විසින් මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබේ.
වයස අවුරුදු 55ක් වන සැකකරු සරවන් පාර ,කල් අඩි,මඩකලපුව යන ලිපිනයේ ස්ථීර පදිංචිකරුවෙකු වන අතර මහියංගනය පාර,කයිලගොඩ බදුල්ල යන ලිපිනයේ නිවසක් කුළියට ගෙන පදිංචිව සිටින බව සදහන්.
අදාළ සැකකරු සමග එම ආයතනය තුල ලිපි ලේඛන තම භාරයට ගත් බවත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ හාලි ඇල කාර්යාලයේ නිලධාරින් ප්‍රකාශ කර තිබේ.
