වවුනියාවේ නිවාස තුනකින් සහ කෝවිල් දෙකකින් රුපියල් ලක්ෂ පහක පමණ මුදල් සහ ස්වර්ණාභරණ කොල්ල කෑ අයෙක් වවුනියාව පොලිසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරු වවුනියාවේ කුරුමන්කාඩු ප්‍රදේශයේ නිවාස දෙකකකින් සහ වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ නිවසකින් ස්වර්ණාභරණ තොගයක් සහ කෝවිලක තිබූ භාණ්ඩ රැසක් සොරා ගෙන ඇති අතර අවසන් වරට වවුනියාවේ කෝවිලකින් ශබ්දවාහිනි යන්ත්‍රයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිල සුනඛයෙකු යොදා වවුනියාව පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී මෙම සැකකරු කොටු වී ඇති බව සඳහන් වේ.
මොහුගේ නිවසේ තිබී සොරා ගන්නා ලද භාණ්ඩවලින් කොටසක් සොයා ගෙන තිබේ.
සැකකරු 21 හැවිරිදි අයෙක් වන අතර ඔහුව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
