ඝාණ්ඨාරයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට .

මාවතගම වෑඋඩ පුරාණ කන්දෙ විහාරයේ ඝාණ්ඨාරය සොරකම් කළ සැකකරු මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගලගෙදර උණපතයාය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.

වසර තුන්සියයක් පමණ පැරණි මෙම ඝාණ්ඨාරයේ බර කිලෝ අසූවක් පමණ වන බවට පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර ගෙන තිබේ.

සොරාගත් ඝාණ්ඨාරය සහ අත්අඩංගුවට ගත් සැකකරු අද (07) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට පොලීසිය පවසයි.

Exit mobile version