ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් මාර්ගස්ථ සන්නිවේදන කුටි තුළ තිබූ පාරිතෝෂික කාඩ්පත් සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවකු ඊයේ (31) කොරතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ ගණේමුල්ල ,බොරැල්ල ,කොට්ටාව,මාලඹේ ,නවගමුව හා හෝමාගම පොලිස් වසම්වල මෙවැනි සොරකම් 9ක් සිදු කර ඇති අතර මෙම සොරකම්වල වටිනාකම ලක්ෂ 155කට අධික බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයෙකු බව සදහන්.
මොහු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කොට්ටාව පොලිසිය විසින් සිදු කරනු ලබයි.
