රුසියානු ජාතික යුවළකගේ ජංගම දුරකථනය සහ මුදල් කොල්ල කෑ බස් කොන්දොස්තරවරයෙකු හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම යුවළ හික්කඩුව වනජීවී කාර්‍යාලය අසල මුහුදු තීරයේ සිය දරුවා සමඟින් සිටින විට දී මෙම සැකකාර කොන්දොස්තරවරයා පැමිණ මෙලෙස භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටින මෙම සැකකරු මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නොමැති නිසා මෙම සොරකම සිදු කර ඇති බව විමර්ශනවලින් හෙළි වි තිබේ.
මෙම සොරකමට අධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.
