වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවෙක් ඊයේ (14) උදෑසන මාවනැල්ල පොලිස් වසමේ බටපොල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
සැකකරු මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි .
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පවසන්නේ පසුගිය 10 වන දින ගල්කිස්ස පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රත්මලාන , ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කිරීමේ සිද්ධියකට අදාළ වෙඩිකරුට , එම අපරාධය කිරීම සඳහා යොදාගත් මෝටර් රථය ලබාදීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි .
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 680 ක් සහ ජංගම දුරකථනයක් සොයා ගෙන තිබේ .
