අනුරාධපුර ශික්ෂණ රෝහලේ පහර දීමක් හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදී මරා දමා ඇතැයි ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි සදහන් කොට තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සිට මීට දින කිහිපයකට පෙර බන්ධනාගාර ගතව ඇප මත නිදහස්ව පැමිණ සිටි 24 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි රුවන්ජිත් නමැති පුද්ගලයෙකි බව සදහන්වේ.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිව් දෙනකු සමග මෙම මියගිය පුද්ගලයා හට පොලුවලින් පහර දී බරපතළ තුවාල ස්ට්දු කිරීම හේතුවෙන් එම පුද්ගලයා රෝහල් ගත කර සිටි බවයි වාර්තාවන්නේ.
තියුණු ආයුදයකින් පහරදී මෙම පුද්ගලයා ඝාතනය කිරීමෙන් පසුව සැකකරු පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කර තිබේ.
