මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් අයෙක් ජීවිතාන්තය දක්වා සිර ගෙට.

හෙරෝයින් ග්‍රෑම් 2ක් ළඟ තබා ගත් පුද්ගලයෙකුට ඊයේ (22) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ බව වාර්තා වේ.

මෙම විත්තිකරුට එරෙහිව සියලු චෝදනා පැමිණිලි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට සමත් වීම හේතුවෙන් සහ සියලු චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන් මෙලෙස දඬුවම් නියම කර ඇති බව සඳහන්.

මොහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නඩරාජා රවී නැමැත්තෙකි.

Exit mobile version