ඊයේ (30) දින සවස් කාලයේදී මස්කෙළිය පොලිස් වසමේ ගවරවිල වතුයායේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු මැණික් ගැරීමට යොදාගන්නා උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 25ක් වන ගවරවිලවත්ත මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අගෝස්තු 02 වන දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දක්වා පොලිස් ඇප මත මුදා හැර ඇති බව සදහන්.
මේ පිළිබඳව මස්කෙළිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
