මිනුවන්ගොඩ – කටුවැල්ලේගම ප්‍රදේශයේ කීනවින්න ඔයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (09) අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 19ක මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා තවත් මිතුරන් තිදෙනෙකු සමග දිය නාමින් සිටියදී දියේ ගිලී අතුරුදහන්ව ඇති බවයි.
මේ පිළිබඳව මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.
