පුද්ගල ඝාතනයක් .

ඊයේ (18) දින මොරගහහේන, යකහළුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහර කෑමකට ලක් ව බරපතළ තුවාල ලැබූ පිරිමි පුද්ගලයකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ දෙපිරිසක් අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමක් හේතුවෙන් බවට පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version