පුද්ගල ඝාතනයක් .

ග්‍රෑන්ඩ්පාස් ,නාගලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (05) පුද්ගලයකුට පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 25ක් වූ වැල්ලම්පිටිය ,වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා නාගලම් වීදියේ ගමන් කරමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඔහු පසුපස ලුහුබැඳ පහරදීමට උත්සාහ කර ඇති අතර ඉන් බේරීම සදහා ඔහු අසල ඇති වෙළෙඳසැලක් තුළට දිව ගොස් තිබේ.

පසුව සැකකරුවන් පිරිස තියුණු ආයුධවලින් පහර දී පළාගොස් ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මෙම ඝාතනයට හේතුව පැරණි පෞද්ගලික ආරවුලක් බවත් , පලා ගිය සැකකරුවන් හදුනාගෙන ඇති බවත් , ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරන බවත් වාර්තා වේ .

Exit mobile version